28.9 C
Galle

මියගිය පොලිස් සැරයන්ට පහරදුන්නා යැයි භික්ෂුවක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Published:

කැබිතිගොල්ලෑවේ දී ඊයේ (31) රාත්‍රී ඇති වූ කළහකාරී තත්වය අතරතුර පොලිස් සැරයන්වරයකු මියයාමේ සිද්ධියට අදාලව භික්ෂුවක් ඇතුළු සැකකරුවන් 05 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වන අලියකු පහර දීම හේතුවෙන් පුද්ගලයකු මියයාමේ සිද්ධියක් හේතුවෙන් මේ කළහකාරී තත්වය ඇති වී තිබිණි. එහි දී පොලිස් සැරයන් වරයා ගම්වැසියන්ගේ පහර දීමකින් තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

වන අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ බී.ගුණසිංහ නමැති 48 හැවිරිදි අයෙකි. ඔහු රඹකැපූවැව තිත්තගෝනෑව පදිංචිකරුවෙකි.

ගැමියන්ගේ පහරදීමෙන් මියගොස් ඇත්තේ ඒ.පී.සුනිල් නමැති 54 හැවිරිදි පොලිස් සැරයන් වරයෙකි.

Related articles

spot_img
error: Content is protected !!