28.9 C
Galle

කේක්, සබන් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක මිල ගැන රජයෙන් විශේෂ නියෝගයක්

Published:

ආනයනය කරනු ලබන භාණ්ඩ හා නිෂ්පාදන 05ක් සඳහා උපරිම සිල්ලර මිල සඳහන් කළ යුතු බව දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවෙව්දනයේ දැක්වෙන්නේ ආනයනය කරනු ලබන කේක්, චොක්ලට්, බිස්කට්, රසකැවිළි සහ සුවඳ සබන් සඳහා උපරිම සිල්ලර මිල සඳහන් කළ යුතු බවයි.

එම භාණ්ඩ වෙළෙඳ පොළට ඉදිරිපත් කරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ආනයනකරු විසින් දන්වා ඇති උපරිම සිල්ලර මිල අදාල භාණ්ඩ ගොඩබාන අවස්ථාවේ දී ම ඒ මත සටහන් කළ යුතු බව ද ගැසට් නිවේදනයේ දැක්වේ. එමෙන් ම ආනයනකරුගේ නම සහ ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිළිව පෙනෙන ලෙස සටහන් කිරීම ද අනිවාර්ය වෙයි.

Related articles

spot_img
error: Content is protected !!