28.9 C
Galle

විෂ දුමක් හේතුවෙන්, පානදුර පාසලක සිසුන් 54ක් රෝහලට

Published:

පානදුර රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් 54 දෙනකු හදිසියේ රොගාතුර වී රෝහලට ඇතුළත් කළ බව ‍පානදුර මූලික රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම දරුවන්ට විෂ දුමාරයක් ආඝ්‍රානය වී ඇතැයි වෛද්‍යවරු සැක කරති.

පාසල ආසන්නයේ කිසියම් ස්ථානයක යමක් පුළුස්සා ඇති බවත් එම දුම පැමිණීමෙන් පසු දරුවන් රෝගී වූ බවත් ඒ සමඟ ම ඔවුන් රෝහල්ගත කළ බවත් විදුහල් ප්‍රකාශකයකු කීවේය.

මෙම සිද්ධිය සැළවීමත් සමඟ දෙමාපියන් පැමිණ අනෙක් සිසුන් නිවෙස්වලට රැගෙන යාමට කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

මෙම ප්‍රාථමික අංශය පිහිටා ඇත්තේ පානදුර, නල්ලූරුව ප්‍රදේශයේ මැදවේල්ල මාර්ගයේ ය.

Related articles

spot_img
error: Content is protected !!