28.9 C
Galle

රහත් වූ බව කී සිරිසුමන රිමාන්ඩ්

Published:

තමන් රහත් වූ බව කියමින් ප්‍රචාරයක් ගෙන ගිය බොරැල්ලේ සිරිසුමන නමැති භික්ෂුව ලබන 16 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

තිළිණි ප්‍රියමාලි සිදුකළේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල දී හෙළි වූ කරුණුවලට අනුව මෙම නියෝගය දී ඇත.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම භික්ෂුව ඊයේ (01) අත්අඩංගුවට ගැණිනි. තිළිණි ප්‍රියමාලි සිදුකළේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී හෙළිවූ කරුණුවලට එම භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!