27.2 C
Galle

අද කොළඹ කොටස් වෙළෙඳ පොළ

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 12,686 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,195ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,561ක් ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 419
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 193
  • ජෝන් කීල්ස් සමාගම රුපයල් මිලියන 40

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
  • එස්එන්බී ලීසිං සමාගම  කොටස් මිලියන 3.9
  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම කොටස් මිලියන 3.3

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඩයලොග් ෆිනෑන්ස්  සමාගම 21%
  • හුන්නස් ෆෝල්ස් සමාගම 08%
  • මහවැලි රිසෝට් සමාගම 07%

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ ආකාරය

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 3.5ක් රුපියල් 6.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 327
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188
  • නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 55ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 22ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 33ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සීටී හෝල්ඩින්ස් සමාගම රුපිියල් මිලියන 35
  • එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 04
  • හේකාබ් සමාගම රුපියල් මිලියන 03

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 3.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!