31.6 C
Galle

වඳුරු උණ සහිත රෝගියෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙයි

Published:

ශ්‍රී ලංකාවෙන් පළමු වරට වඳුරු උණ රෝගියකු වාර්තා වී ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

එම රෝගියා පසුගිය 01 වැනි දා ඩුබායි සිට පැමිණි 20 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකි.

වසා ගැටිති ඉදිමීම සහ දැඩි වෙහෙසකාරී බව යන රෝග ලක්ෂණ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වූ අවස්ථාවේ දී වෛරසවේද අංශයේන කරන ලද පරීක්ෂණයකින් ඔහුට වඳුරු උණ වැළඳී ඇති බව තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.  

එම තරුණයා මේ වනවිට ප්‍රතිකාර සඳහා අයිඩීඑච් රෝහලට යොමුකර ඇත.

Related articles

spot_img
error: Content is protected !!