31.6 C
Galle

ආදී වාසීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ඉල්ලයි

Published:

තම ජන කොට්ඨාසයේ ගැටලු විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ නියෝජනයක් අවශ්‍ය බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නයලැත්තෝ කියයි.

ඔහු මේ බව කියා සිටියේ දඹානේ සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

“මේ රටේ විවිධ ජන කොට්ඨාසවලට පාර්ලිමේන්තුවේ නියෝජනක් තිබෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න සඳහා ඒ නිසා විසඳුම් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් අපේ ජනතාවට එවැනි අවස්ථාවක් මෙකෙත් ලැබී නැහැ. ඒ නිසා අපි හිතනවා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් අපේ ජනතාවට නියෝජනයක් ලැබිය යුතුයි කියලා. අපි මේ රටේ මුල්ම හිමිකරුවන් වෙලා හිටියතා අපේ ප්‍රශ්න විසඳා ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා මා වගකිව යුතු අයගෙන් ඉල්ලා සිටිනවා ආදි වාසී ප්‍රජාවටත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලබා දෙන්න කියලා.” හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!