27.2 C
Galle

ලාදුරු පැතිරීම වැඩිවෙයි. පළාත් හතරක රෝගීන් 73%කින් වැඩි වෙයි

Published:

ලාදුරු රෝගය පැතිරයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාතයාංශය සඳහන් කරයි.

මේ වනවිට පළාත් 04ක රෝගීන් වැඩිවීම 73%කට ආසන්න වී තිබේ. බස්නාහිර පළාත, දකුණ පළාත, වයඹ පළාත සහ උතුරු මැද පළාත යන පළාත් හතරෙන් රෝගීන් වාර්තාවීමේ පැහැදිළි වැඩවීමක් දක්නට ලැබෙන බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.  

2022 වර්ෂයේ ගත වූ මාස 10 දී පමණක් ලාදුරු රෝගීන් 1,016ක් අලුතෙන් හඳුනාගෙන ඇති අතර ඉන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් හෙවත් 550 දෙනකු ම හඳුනාගෙන ඇත්තේ අවසන් මාස 03 දී වීම ද විශේෂත්වයකි.

එම රෝගීන් 550 අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි. එම සංඛ්‍යාව 374කි. ඔවුන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 178න්ථ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 114ක් කළුතර දිස්ත්‍රික්කයෙන් 82ක් ලෙසිනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 58ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 52්ක් හා අනුරාධපුර දිස්ත්‍රිික්කයෙන් රෝගීන් 52ක් වශයෙන් වාර්තා වී තිබේ.

වෛද්‍ය රණවීර පවසන්නේ 2017 වර්ෂයේ දී ලාදුරු රෝගීන් ලෙස හඳුනාගත් අයගේ සමීපතමයන්ගේ, පවුල්වල සාමාජිකයන්ගේ රුධිර පරීක්ෂණවලින් මේ රෝගීන් බහුතරයක් සොයාගත් බවයි.

රෝගය කල්තබා හඳුනාගැනීම එය මර්ධනයට පහසුවක් බැවින් රෝගීණ් හඳුනා ගැනීමේ රුධිර පරීක්ෂණ වැඩසටහනක් මාස 06ක කාලයක් සඳහා ආරම්භ කර ඇති බව ද යම් කිසි පුද්ගලයකුට රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මණින් රුධිර පරීක්ෂාවක් සිදුකරගෙන ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ද ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා සිටියි.  

Related articles

error: Content is protected !!