27.2 C
Galle

දරුවන්ට පහරදුන් පිරිස හෙට ළමා ආරක්ෂණ අධිකාරියට කැඳවයි

Published:

මිල්ලනියේ පාසලක 05 ශ්‍රේණියේ සිසුන් තිදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශන කටයුතු සඳහා හෙට (08) දිනයේ එම පාසලේ විදුහල්පතිනිය, ගුරුවරියක සහ පොලිස් නිලධාරන් තිදෙනකු ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කැඳවා තිබේ.

මෙම අමානුෂික පහරදීම හේතුවෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනකු වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති අතර එක් සිසුවකු නේවාසික ප්‍රතිකාර පවා ලබාගත් බව වාර්තා වේ.

විදුහල්පතිනියගේ දැනුම්දීම මත පාසලට පැමිණි පොලිස් නිලධාරීන් ළමයින් රැගෙන ගොස් දණ ගස්වා යටිපතුල්වලට පහර දී කරන්ට් (විදුලිය) වද්දවා ඇතැයි ද දරුවන්ගේ ප්‍රකාශවල සටහන්ව ඇති බව ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙට (08) අධිකරණනයට කරුණු වාර්තා කිරීමට සූදානම් බව එම අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ වැඩිදුරටත් කියා සිටියේ ය.

Related articles

error: Content is protected !!