30 C
Galle

SPA සඳහා විදේශී කාන්තාවන් ගෙන්වීමට අවසර දෙයි

Published:

සම්බාහන සේවා සැපයීම සඳහා විදේශීය කාන්තාවන් ගෙන්වීමට අවසර ලබාදීමට තීරණය කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සම්භාහන සේවා ලබා ගැනීමට බලාපොරොත්තු වුව ද ඒ සඳහා පළපුරුදු සම්භාහන චිකිත්සකවරියන් නොමැතිවීම ගැටලුවක් බවයි. මේ හේතුවෙන් ප්‍රධාන හෝටල් ආශ්‍රිත සම්භාහන මධ්‍යස්ථාන රැසක් වසා දැමීමට සිදුව ඇතැයි ද සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ නිසා එම හෝටල් ආශ්‍රිත සම්භාහන මධ්‍යස්ථානවල ඉල්ලීමට අනුව විදේශීය සම්භාන චිකිත්සකවරියන් ගෙන්වීමට අවසර ලබදුන් බව සභාපතිවරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!