30 C
Galle

පොලිස් රාජකාරී කිහිපයක් ග්‍රාම නිලධාරීන්ට දීමට යයි

Published:

පොලිසියට ලැබෙන සුළු පැමිණිලි විසඳීම සඳහා ග්‍රාම නිලධාරීවරුන් යොදා ගැනීම කෙරෙහි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. මේ සඳහා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.

තම ග්‍රාම නිලධාරී වසමට අදාල සුළු පැමිණිලි විසඳීම පොලිස් ස්ථානය තුළ දී අදාල ග්‍රාම නිලධාරීවරයා විසින් ම සිදුකිරිම සඳහා පුහුණුවක් ද ලබා දීමට නියමිතය. මෙහි නියමු ව්‍යාපෘතියක් ග්‍රාම නිලධාරීන් 150 දෙනකු පොලිස් ස්ථානවලට යොදවා සිදුකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

පසුව එලෙස පුහුණුව ලබන නිලධාරීන් යොදවා අනිකුත් ග්‍රාම නිලධාරීවරු ඒ සඳහා පුහුණු කිරීමට කටයුතු කරන බව ද වාර්තා වේ.

එහි දී ජාතික හැඳුනුම්පත් අස්ථානතවීම් ඇතුළු යම් යම් පැමිණිලි පොලිසියට නොයා ග්‍රාම නිලධාරීවරයා වරයා වෙත පැමිණිලි කිරීමෙන් විසඳා ගැනීමේ අවස්ථාව මහජනයා වෙත උදාකරදීමට අපේක්ෂිතය.

Related articles

spot_img
error: Content is protected !!