30 C
Galle

පන්ති කාමරේ ගැටුමකින් 13 වියැති සිසුවෙක් මරුට

Published:

තිරුක්කොවිල් හි තම්බිලුවිල් මහා විද්‍යාලයේ 08 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනක අතර ඇති වූ ගැටුමකින් එක් සිසුවකු මියගොස් ඇතැයි තිරුක්කෝවිල් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ තම්බිලුවේල් 01 කොට්ඨාසයේ පදිංචිව සි‍ටි ශිවපාලන් ක්‍රිෂාන් නමැති 13 හැවිරිදි සිසුවෙකි.

සිසුන් දෙදෙනා අතර පන්තියේ දී ගැටුමක් ඇති වී එක් අයකු අනෙක් සිසුවාට පහර දී ඇත. එවිට පහර කෑමට ලක්වූ සිසුවා වතුර බෝතලයකින් තමන්ට පහරදුන් සිසුවාට දමා ගසා ඇති අතර එම වතුර බෝතලය හිසට වැදීමත් සමඟ සිිහිසුන්ව ඇද වැටී ඇතැයි සිද්ධිය දුටු අනෙක් සිසුන් පොලිසියට පවසා තිබේ.

සිසුවාගේ මරණය සම්බන්ධ පශ්චාත් පරීක්ෂණය අම්පාර මහ රෝහලේ දී සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!