27.2 C
Galle

ගාල්ලේ දී දියේ ගිලී පාසල් සිසුන් දෙදෙනකු මරුට

Published:

ගාල්ල, ගිංතොට දී ගිං ගඟ මෝයේ අද (08) දහවල් දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි ගාල්ල මූලස්ථාන පොලිසිය කියයි. ‍

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල මොරගොඩ සහ හිරිඹුර ප්‍රදේශවල පදිංචිව සිටි වයස අවුරුදු 14ක් හා 15ක් වූ සිසුන් දෙදෙනෙකි. ඔවුන් දෙදනාම නාවින්න අරාබි විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි බව ද පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනා දියේ ගිලෙන බව දැක ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගන්නා විටත් එක් සිසුවකු මිය‍ගොස් සිට ඇතැයි ද අනෙක් සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලිසිය කියයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඔවුන් දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

error: Content is protected !!