27.5 C
Galle

මිල්ලනියේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් රිමාන්ඩ්

Published:

මිල්ලනිය බුංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ පාසල් සිසුන් තිදෙනකුට අමානුෂික ලෙස වදහිංසා පැමිණවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපපත් කළ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීනන් දෙදෙනකු ලබන 16 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් කේවින්ද පෙරේරා අද (08) නියෝග කළේය

එම සිද්ධියට අදාලව අධිකරණයට ඉදිරිපත් කළ ගුරුවරිය සහ පොලිස් රියදුරා ඇප මත මුදා හැරීමට ද කටයුතු කර ඇත.

සිසුන් තිදෙනා කෲරත්වයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකළ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විදුහල්පිතිනිය, ගුරුවරිය සහ පොලිස් නිලධාරීන් අද එම අධිකාරියේ කාර්යාලයට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

රුපියල් 500.00කට වඩා අඩු මුදලක් තිබූ බව කියන මුදල් පසුම්බියක් නැතිවීමේ සිද්ධිකට සිසුන් 12 දෙනකුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඔවුන්ට පහර දී අනතුරුව පොලිසිය කැඳවා තිදෙනකු පොලිසියට බාර දුන්නා යැයි විදුහල්පතිනියට සිසුන්ගේ දෙමාපියන් විසින් චෝදනා එල්ල කරමින් ඒ පිළිබඳ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කර තිබිණි. දෙමාපියන් පවසා ඇත්තේ සිසුන්ට වද හිංසා පමුණුවා ඇති බවයි

Related articles

error: Content is protected !!