27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 17,837 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,123 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 224ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,277ක් ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 235
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 133
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 72

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 6.2
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 4.6
  • එස්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම  කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කෙල්සි ඩිවෙලොප්මන්ට්  සමාගම 13%
  • කුඩා තේවතු සමාගම 08%
  • සෙලාන් බැංකුව (X) 06%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • රේණුක හෝල්ඩින් සමාගමේ කොටස් මිලියන 2.6ක් රුපියල් 16.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 300
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් බිලියන 183
  • නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 91ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 08ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 83ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපිියල් මිලියන 20
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 15
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 13

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

හේලීස් සමාගම රුපියල් මිලියන 0.3

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!