30 C
Galle

පාසල අසළ බැඳ තිබූ තුවක්කුවක් පත්තු වි සිසුවකු රෝහලට

Published:

කටුවන සියාරපිටිය මහා විද්‍යාලය ආසන්නයේ බැඳ තිබූ තුවක්කුවක් පත්තුවීමෙන් පාසල් සිසුවකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එම පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහු ඊයේ (08) සවස මිතුරන් කිහිප දෙනකු සමඟ පාසල් ක්‍රීඩාංගණයේ සෙල්ලම් කරමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇත. ඔවුන් සෙල්ලම් කරමින් සිටි පන්දුව ක්‍රීඩංගණය ඉදිරිපිට මාර්ගය අසළ ඉඩමකට යාම හේතුවෙන් සිසුවා එය සෙවීමට ගොස් සිිටිය දී බඳින තුවක්කුව පත්තු වී තිබේ.

පාදයට බරපතල හානි සිදුව ඇති බැවින් අද (09) ඇඹිලිපිටිය රෝහලේ දී සැත්කමක් ද සිදුකළ බව වෛද්‍යවරු කියති.

Related articles

spot_img
error: Content is protected !!