27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 11,366 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,331 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 29ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,322ක් ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකු රුපියල් මිලියන 1,085
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 557
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 139

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 21
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 7.5
  • එස්එන්බී ලීසිං සමාගම  කොටස් මිලියන 7.3

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මයිලෑන්ඩ්  සමාගම 15%
  • සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම 13%
  • කුඩා තේ වතු සමාගම 13%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 3.4ක් රුපියල් 140.00 බැගින්
  • කොමර්ෂල් බැංකු කොටස් මිලියන 40.8ක් රුපියල් 50.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 297
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 185

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 38ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 1,174ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,136ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළෙන් ඉවත්කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 17
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 14
  • ඩයලොග් සමාගම රුපියල් මිලියන 01

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 1,021
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 140
  • යුනියන් බැංකුව රුපියල් මිලියන 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!