27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 14,848 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 862 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 96ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,419ක් ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 158
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 55
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 44

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
  • ප්‍රයිම් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 02
  • ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 01

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙරනඩිබ් හෝටල් සමාගම ® 33%
  • ප්‍රයිම් ලෑන්ඩ් සමාගම 24%
  • මිලේනියම් හවුසින් සමාගම 19%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම කොටස් 236,000ක් රුපියල් 132.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 299
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 192
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 188

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 93ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 03ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 90 මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 41
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 30
  • හොරණ වැවිළි සමාගම රුපියල් මිලියන 08

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හේකාබ් සමාගම  රුපියල් මිලියන 1.7

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!