26.9 C
Galle

අහංගම මුහුදේ කිඹුලෙක්

Published:

අහංගම වෙරළ ආසන්න මුහුදේ අඩි 08ක් පමණ දිගැති කිඹුලකු දක්නට ලැබෙන බව අහංගම පොලිසිය විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

කොග්ගල ඔය ආශ්‍රිතව කිඹුලන් ජීවත්වන බැවින් එවැනි කිඹුලකු මෙලෙස දර්ශනය වන්නට ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

ගැට කිඹුලා ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ජීවත්වන කිඹුල් විශේෂය මුහුදු ජලයට ප්‍රියකරනු ලබන සත්ව විශේෂයකි. ඔවුන් ගංඟා නිම්නයක සිට තවත් ගංඟා නිම්නයකට සංක්‍රමණය වන්නේ බොහෝ විට නොගැඹුරු මුහුදු තීරයෙනි.

Related articles

spot_img
error: Content is protected !!