26.9 C
Galle

මුහුදට වැටුණු ධීවරයා අතුරුදන්

Published:

බේරුවල ධීවර වරායෙන් පිටත් වූ බහුදින යාත්‍රාවක සිටි ධීවරයෙක් මුහුදට වැටි අතුරුදන්ව ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ එප්පාල, තාලාවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකි.

තවත් පස් දෙනකු සමඟ ඔහු සැපැත්ම්බර් 11 වැනි දා “හිරුන් පුතා 2” නමැති යාත්‍රාවෙන් මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් ඇත. මාස දෙකක් පමණ මුහුදේ රැඳී සිටි මෙම පිරිස මසුන් ඇල්ලීමේ කටයුතු නිමවා යළි එමින් සිටිය දී ඊයේ (11) සවස ඔහු මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි යාත්‍රාවේ සිටි අනෙක් ධීවරයෝ කියති.

එම අතුරුදන්වීම සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!