26.9 C
Galle

වැවක ගිලී දැරියන් තිදෙනකු මරුට

Published:

සූරියවැව මහවැලි කඩආර වැවේ ඔරුවක් පෙරළීමෙන් අද (12) අතුරුදන්ව සිටි ගැහැනු ළමයින් තිදෙනාගෙන් එක් අයකුගේ සිරුර සොයාගත් බව පොලිසි පවසයි.

අවුරුදු 18,17 සහ 10 වයස්වල පසුවන තිදෙනකු අතුරුදන් වූ අතර 10 හැවිරිදි දැරියගේ සිරුර සොයා ගැණිනි.

අනතුර සිදුවන අවස්ථාවේ එම ඔරුවේ පුද්ගලයන් 08 දෙනකු සිටි අතර ඒ අතරින් බිළිඳකු ඇතුළු 05 දෙනකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇත.

එම පස්දෙනා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අනතුරට පත්ව ඇත්තේ කුරුණෑගල සිට සූරියවැව ඥාතියකුගේ  නිවසක පැවති උත්සවයකට සහභාගීවීමට පැමිණි පිරිසක. ඔවුන් මසුන් අල්ලන බෝට්ටුවක් භාවිතා කරමින් වැවේ ගමන් කර ඇති අතර වැවේ ගැඹුරු ප්‍රදේශයේ දී එය පෙරැළී ගොස් තිබේ.

Related articles

spot_img
error: Content is protected !!