26.9 C
Galle

පහරදීමකින් 15 හැවිරිදි දැරියක් මරුට

Published:

බාලවයස්කාර දැරිය අඹුකමට ගත් පුද්ගලයකුගේ පහරදීමෙන් එම දැරිය මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (11) ගම්පහ රෝහලට එම දැරිය ඇතුළත්කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු කීවේය.

දැරිය මියගිය බව දැනගැනීමෙන් පසු එම පුද්ගලයා ඒ බව දැරියගේ දෙමාපියන්ට පවසා ඇති අතර දෙමාපියන් ඉන් පසු රෝහලට පැමිණ තිබේ. ඔවුන් රෝහලට දැනුම් දී ඇත්තේ දැරිය රැගෙන විත් රෝහල්ගත කර ඇත්තේ ඇගේ සැමියා විසින් බවයි.

තවමත් වයස සමපූර්ණ නොවූ බැවින් දෙදෙනා නීත්‍යානුකූලව විවාහ වී නැති බවත් දැරිය තම කැමැත්තෙන් ඔහු සමඟ ගොස් එකට ජීවත් වූ බවත් දෙමාපියන් විසින් පවසා ඇත.

ගම්පහ පොලිසිය සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!