26.9 C
Galle

ආණ්ඩුවත් වික්ෂයත් එකඟ නොවීමෙන් ගැටලුවක්

Published:

පාර්ලිලමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සියල්ලේ ම සභාපති ධූර විපක්ෂයට අවශ්‍ය යැයි සමගි ජන බලවේගය දැඩි ස්ථාවරයක සිටීම හේතුවෙන් ගැටලුවක් මතු වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 11 වැනි දා මේ සම්බන්ධයෙන් පාර්ලමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී ද සාකච්ඡා කළත් අවසානයේ තීරණයක් ගැනීමට නොහැකිව එම රැස්වීම ද අවසන් විය.

මේ නිසා එම කාරක සභා පත්කිරීම දිගින් දිගට ම ප්‍රමාද වෙමින් තිබේ. සමගි ජන බලවේගය පවසන්නේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල සභාපති ධූර විපක්ෂයට ලබා නොදෙන්නේ නම් එම කාරක සභාවලට සහභාගී නොවන බවයි.

ආණ්ඩු පක්ෂයේ මතය වී ඇත්තේ එම කාරක සභාවල සභාපති ධූර ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට සම සමව ලැබිය යුතු බවකි.

Related articles

spot_img
error: Content is protected !!