27.5 C
Galle

“අරගලයේ මව්වරු” නැවත ගමන් අරඹති

Published:

“අරගලයේ මව්වරු” සංවිධානය කළ අධිෂ්ඨානයේ පා ගමන අද (13 උදෑසන 10.00ට යළි මොරටුවෙන් ආරම්භ කෙරිණි.

ඊයේ කළුතරින් ආරම්භ කරන ලද මේ පාගමනට දිගින් දිගටම විරෝධය දැක්වූ ශ්‍රී ලංකා පොලිසිය එම කාන්තාවන් දෙදෙනා ඇතුළු පුද්ගලයන් 04 දෙනකු අත්අඩංගුවට ගත් අතර පසුව ඊයේ රාත්‍රියේ ම ඔවුන් පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කළේය.

එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කිසිදු නීතිමය බලයක් නොමැති බව නීති වේදීහු පෙන්වා දෙති. සාමකාමී විරෝධයක් දක්වමින් මහ මඟ පා ගමනක යෙදී සිටි ඔවුන් අත්අඩංගුවට ගැනීම පුරවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ද නීතිඥයන් පවසයි. මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔවුහු කියති.

කාන්තාවන් තිදෙනකු ඇතුළලු සිව් දෙනකු පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සහ ඒ අවස්ථාවේ දී පොලිස් නිලධාරියකු පොලිස් නිලධාරිනියන් දෙදෙනකු බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබේ.

Related articles

error: Content is protected !!