27.5 C
Galle

කුඹුරේ සිටිය දී අකුණක් වැදී, පුද්ගලයෙක් මරුට දෙදෙනකුට තුවාල

Published:

නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරු වැඩකරමින් සිටි පිරිසකට ඊයේ (13) සවස අකුණු සැර වැදීමෙන් පුද්ගලයකු මියගොස් කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත ඒකකයේ කරනු ලබන  39 හැවිරිදි ඩබ්. එම් සුජිත් කුමාර නැමති එක්දරු පියෙකි. ඔහු කිරිමැටියාව පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා සමඟ ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවක් ද කුඹුර සකස්කරමින් සිට ඇති අතර ඔවුන් තිදෙනාම රෝහල්ගත කර තිබේ.

ගල්ගමුව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ පිරිමි පුද්ගලයා රෝහලට ගෙනඑන විටත් මියගොස් සිටි බවයි. පිළිස්සුම් තුවාල ලබා සිටින බිරිඳගේ තත්වය ද බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසිය විමර්ශන සිදුකරයි.

Related articles

error: Content is protected !!