27.5 C
Galle

අධිවේගී බස් ධාවනයෙන් ඉවතට

Published:

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අසාධාරණ ලෙස ටෙන්ඩර් ගාස්තු අයකරන බව පවසමින් අධවේගී මාර්ගවල ධාවනය වන සියලුම බස් රථ ලබන 20 වැනි දා (ඉරිදා) සිට ධාවනයෙන් ඉවත්කරගන්නා බව ඒකාබද්ධ ප්‍රවාන වෘත්තීය සමිති මධයස්ථාන පවසයි.

එහි සබාපති සම්පත් රණසිංහ අද (14) මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියේය.

ඔහු පවසන්නේ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථයකින් මාසයකට රුපියල් ලක්ෂ 02කට අධික ටෙන්ඩර් ගාස්තුවක් අයකරන බවයි මේ හේතුවෙන් තවදුරටත් බස් ධාවනය කළ නොහැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.  

එවැනි ටෙන්ඩර් ගාස්තුවක් අය නොකරන්නේ නම් එම සහනය මගීන්ට ලබාදිය හැකි බව ද ඔහු කියා සිටියේය.

Related articles

error: Content is protected !!