වත්මන් දේශපාලන ක්‍රමයේ දැඩි වෙනසක් අවශ්‍ය බව ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය සඳහන් කර සිටියි. අනුරාධපුරයේ පැවති එම සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් මණ්ඩල රැස්විමේදී ඒබව සඳහන් කර සිටියේ එම සන්ධානයේ ලේකම් දර්ශන තන්ත්‍රීගේ විසිනි. වැඩිදුරටත් අදහස් දැක්වු තන්ත්‍රීගේ මෙසේ කීවේය.
“අද වෙද්දි ඉස්සර වගේ මිනිස්සු රවටන්න බැහැ. බොරු කියන්න පුළුවවන්,ඒත් ඒ බොරුවට ආයුෂ තිබෙන්නේ උපරිම සති දෙකයි. 77 ක්‍රමයට හෝ 71 ක්‍රමයට ඒකාධිපතියන් බිහිවන්නෙත් නැහැ. තුනෙන් දෙකේ ආණ්ඩුවක් නිලකාලය අවසන් වෙන්න කලින් ජනතාවගේ ඍජු ක්‍රියාමාර්ග නිසා වෙනස් වුනා. ඒක ලංකාවට පමණක් නොවෙයි,ලෝකයටම පොදු තත්වයක්. දැන් ජනතාව ඉන්න විදිය සහ හිතන විදිය තේරුම් අරගෙන දේශපාලන පක්ෂ ජනතාව එක්ක ගනුදෙනු නොකලොත් ඒ පක්ෂ වලට අත්වෙන්නෙ ඩයිනෝසරයන්ට අත්වු ඉරණම”


