27.5 C
Galle

අසල්වැසියකුගේ කඩු පහරින්, කුඩා දරුවකු මරුට

Published:

අසල්වැසියකු විසින් කඩුවකින් පහර දී ම හේතුවෙන් කුඩා දරුවකු මියගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු තුනහමාරක් වූ පිරිමි දරුවෙකි.

මාතලේ, රණබිමගම ප්‍රදේශයේ නිවැසියන්ට එම නිවසට යාබද නිවසක පුද්ගලයකු කඩුවකින් පහර දී ඇති අතර තුවාල ලැබූ මව (38), දියණිය (19) සහ පුතු (15) රෝහලේ ප්‍රතිකාර ලබන අතර මියගොස් ඇත්තේ පවුලේ බාලම දරුවාය.

පොලිසිය පවසන්නේ කාලයක් තිස්සේ පැවැති පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි. සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පහරදීම සඳහා යොදාගත් කඩුව ද පොලිස් බාරයට ගෙන තිබේ.

මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related articles

error: Content is protected !!