27 C
Galle

අතවරයට ලක් වූ 80 හැවිරිදි කාන්තාව රෝහලේ

Published:

ලිංගික අතවරයකට ලක්වූ 80 හැවිරිදි කාන්තාවක් රෝහල්ගත කිරීමට සිදු වූ බව බේරුවල පොලිසිය කියයි.

ඇය නිවසේ තනිවම දිවි ගෙවා ඇත. මෙම කාන්තාවෙගේ නිවසේ දොර කඩා ඇතුළු වූ එම ප්‍රදේශයේ ම පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු ඇයට අතවර කර පහර දී තුවාල සිදුකර ඇතැයි ද පොලිසිය පවසයි. එම පහරදීම හේතුවෙන් ඇයගේ දත් කිහිපක් කැඩී ගොස් ඇති බව ද රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය

සැකකරු බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි. පොලිස් හදිසි ඇමතුම් අංශයට ප්‍රදේශවාසියකු විසින් ලබාදුන් තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම වයෝවෘද්ධ කාන්තාව රෝහල්ගත කර ඇත.   

Related articles

spot_img
error: Content is protected !!