27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 19,950 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,627 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 204ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,087ක් ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 452
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 183
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 163

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 12.5
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 7.2
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 6.5

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස් හෝල් සමාගම 33%
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම 09%
  • බේරුවල රිසෝට් සමාගම 08%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 2.2 රුපියල් 64.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 259
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 194
  • නන්ද ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 141ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 03 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 138ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 51
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 28
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 09

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • රිල් ප්‍රොපටි සමාගම  රුපියල් මිලියන 0.3

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!