27 C
Galle

වසන්තට සහ සිරිධම්ම හිමිට තවත් නඩුවක් ?

Published:

රැඳවුම් නියෝගයක් මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමිගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (16) කොම්පඤ්ඤවීදිය පොලිසියට අවසර දුන්නේය.

පසුගිය අගෝස්තු මස 19 වැනි දා කැලණිය විශ්වවිද්‍යාලයේ සිට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණි විරෝධතා පෙළපාලියක දී අධිකරණ නියෝග නොතකා කටයුතු කළා යැයි ඔවුන්ව සැකකරන බව ද පොලිසිය අධිකරණයට කීවේය.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 16 දෙනකු දැනට ඇප මත මුදාහැර සිටින අතර වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි එම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කරන ලෙස ද පොලිසිය අද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!