27.1 C
Galle

වායු රයිෆලයෙන් වෙඩි වැදී දරුවා මරුට

Published:

වායු රයිෆලයකින් හිසට වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර සිටි පස් හැවිරිදි පිරිමි දරුවකු, අද(17) උදෑසන මියගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කතරගම දෙටගමුව තෙවෙනි පියවරේ පදිංචි, එල්.එන්.ටී. ආශිංස නැමැති, දෙටගමුව විදුහලේ පළමුවන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි දරුවෙකි.

අසල්වැසි තරුණයෙකු විසින් සරදමට එල්ල කළ වායු රයිෆලය පත්තු වී හිසට තුවාල සිදුවීම හේතුවෙන් මෙම දරුවා, ඊයේ (16), හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබිණි. පසුව ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර එවා තිබුණු අතර එහි ප්‍රථිකාර ලබමින් සිටියදී අද(17) මියගිය බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ද ම‍හේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!