27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 14,224 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 976 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 52ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,034ක් ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රුපියල් මිලියන 140
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 105
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 94

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 09
  • සෙරන්ඩිබ් හෝටල් සමාගම ® කොටස් මිලියන 08
  • සෙරන්ඩිබ් ‍හෝටල් සමාගම (X) ® කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X)  50%
  • නේෂන් ලංකා සමාගම 09%
  • ලාෆ් ගෑස් සමාගම (X)  10 %

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගමේ කොටස් ලක්ෂ 05 රුපියල් 139.00 බැගින්
  • හුන්නස් ෆෝල්ස් සමාගමේ කොටස් ලක්ෂ 09 රුපියල් 40.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 260
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 192
  • නන්ද ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 60ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 03 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 57ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හුන්නස් ෆෝල්ස් සමාගම රුපියල් මිලියන 36
  • හේමාස් සමාගම රුපියල් මිලියන 05
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 03

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • බයිරහා ෆාම්ස් සමාගම  රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!