27.1 C
Galle

යක්කලමුල්ලේ දරුවා සහ පියා මැරූ සැකකරුවන්, STF වෙඩි තැබීමකින් මරුට

Published:

මිනුවන්ගොඩ, පොල්වත්තේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

‍පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙදෙනකු ද තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් බව ද පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ ගාල්ල යක්කලමුල්ලේ දී වයස අවුරුදු 04ක දරුවකු සහ ඔහුගේ පියාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු යැයි සැක පුද්ලයා සහ එම වෙඩි තැබීමට පැමිණි යතුරුපැදි කරු බව ද පොලිසිය පවසයි.

විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත. එහි දී ටී 56 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 තුවක්කුවක් සහ රම්බෝ වර්ගයේ පිහියක් සොයා ගැනීමට හැකී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!