27.5 C
Galle

හමුදා මේජර් ඇතුළු තිදෙනකුට මරු කැඳවූ රිය අනතුර

Published:

ගල්ගමුවේ, ඉහළගම දී සිදුවූ අනතුරකින් යුද හමුදා මේජර්වරයකු ඇතුළු තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (17) රාත්‍රී ඔවුන් ගමන්කරමින් සිටි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැදීමෙන් මේ අනතුර සිදුව ඇත. තුවාල ලබා සිටින දෙදෙනා අනුරාධපුරය‍ රෝහලටත් ගල්ගමුව රෝහලටත් ඇතුළත් කර ඇත.

මියගිය මේජර්වරයා සාලියපුර යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය දිනේෂ් ඉලංගරත්න නමැති අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

error: Content is protected !!