27.1 C
Galle

කොළඹ විරෝධතාවට පොලිසිය පහර දෙයි

Published:

වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙසත්, ජනතාවට වහාම සහන දෙන ලෙසත් ඉල්ලා බොරැල්ල කනත්ත වටරවුම අසළ සිට ආරම්භ වූ පා ගමනට නෙළුම පොකුණ රඟහළ අසළ දී අද (18) සවස පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

එම විරෝධතා පාගමන වෝර්ඩ් පෙදෙස, ලිප්ටන් වටරවුම ඔස්සේ නෙළුමු පොකුණ දෙසට ගමන් කිරීමේ දී මේ ප්‍රහාරය එල්ල කෙරිණි. එම ප්‍රහාර නොතකා විරෝධතා කරුවෝ දැන් බොරැල්ල දෙස ගමන් කරමින් සිටියි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ සිවිල් සංවිධාන රැසක් මේ පා ගමනට එක්ව සිටියි.

Related articles

spot_img
error: Content is protected !!