27.1 C
Galle

කොරෝනා වසංගතයෙන් පසු ආ දැවැන්තයා

Published:

යුරෝපයේ සිට මැලේසියාව දක්වා යාත්‍රා කරමින් තිබෙන “වයිකින් මාස්” නමැති නෞකාවක් අද ‍(18) සවස කොළඹ වරායට සේන්දු වූයේය.

සංචාරකයන් 650ක් සහ කාර්ය මණ්ඩලයේ 450ක් සහිතව යාත්‍රා කරන මෙම නෞකාව කෙ‍ාරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි විශාලතම මගී ප්‍රවාහන නෞකාවයි.

එහි පැමිණි සංචාරකයන් පිරිසක් කොළඹ නගර, පින්නවල, සීගිරිය සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය සඳහා අද සවස ම පිටත්ව ගිය අතර හෙට සවස 6.30ට නැව කොළඹ වරායෙන් යළි ගමන් ඇරඹීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!