27.1 C
Galle

බැසිල් නැවත එයි. පිළිගැනීමට විශාල පිරිසක් කටුනායකට

Published:

ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා මැති ඇමතිවරු රැසක් අද (20) කටුනායක ජාත්‍යනත්ර ගුවන්තොටුපොළට ගොස් සිටි අතර ඔහුට දැඩි ආරක්ෂාවක්ද යොදා තිබිණි.

ඇමෙරිකාවේ පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ මාසයකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක වරයා ය. රටේ ඇති වූ රාජපක්ෂ විරෝධයත් සමඟ කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව යාමට උත්සාහගත් ඔහු වරක් හරවා යැවුණු අතර ඉන් පසු අධිකරණයෙන් ද අවසර ගෙන ඇමෙරිකාවට ගියේය.

අද උදෑසන 8.30ට හෙතෙම ඩුබායි සිට එමිරේට්ස ගුවන් සේවයේ ඊකේ 650 යානයෙන් මෙරටට පැමිණියේය.

ඔහු පිළිගැනීම සඳහා රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, ශාන්ත බණ්ඩාර, එස්.එම්.චන්ද්‍රසේන, ප්‍රසන්න රණවීර, පියල් නිශාන්ත යන පිරිස ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

මෙහිදී ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ බැසිල් රාජපක්ෂගේ පැමිණීම ශක්තියක් බවයි. පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පක්ෂය ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාරය ඔහුට පැවරෙන බව ද එම සැළැස්ම ක්‍රියාත්මක කිරීමට ඔහු පැමිණි බව ද සනත් නිශාන්ත වැඩිදුරටත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!