27.5 C
Galle

ඕමානයට කාන්තාවන් විකුණුවා යැයි සැකපිට කාන්තාවක් අත්අඩංගුවට

Published:

ඕමානයට මෙරට කාන්තාවන් යවා ලිංගික සේවා සඳහා යොදා ගත් බවට සැකපිට ශ්‍රී ලංකාවේ පදිංචි කාන්තාවක අද (21) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ ඇය භාරවීමෙන් අනතුරුවය.

එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවයි.

දඹුල්ලේ පදිංචි බව කියන එම සැකකාරිය පසුගිය කාලයේ සැඟවී සිටි බවත් ඇය මෙරට විදේශ රැකියා නියෝජිතායතනක් පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි. විදේශ රැකියා ලබාදෙන ලෙස පවසමින් කාන්තාවන් ඕමානයට යවා ඇති එම කාන්තාව නීතිඥයන් දෙදෙනකු සමඟ පැමිණ අද (21) උදෑසන එම කොට්ඨාසයට බාර වී තිබිණි.

ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

error: Content is protected !!