27.5 C
Galle

සිසුන්ට මත්පෙති විකුණූ ගුරුවරයෙක් අත්අඩංගුවට

Published:

පාසල් දරුවන්ට කලක සිට මත්කරල් මුදලට විකුණු උපකාරක පන්ති ගුරුවරයෙකු කළුතර දකුණු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එහිදී මත්කරල් 1,299ක් ද සොයා ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන්ට ලද තොරතුරුවලට අනුව වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවටගත් සැකකරු ගණිතය සහ විද්‍යාව විෂයයන්වලට අදාළව උපකාරක පන්ති පවත්වන පුද්ගලයකු බව පොලීසිය පැවසීය.

දෙදරු පියකු වන සැකකරු කළුතර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳීසිටින අයෙක් බවත් මාවනැල්ල ස්ථිර පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර දකුණ පොලීසිය වෙත භාරදී ඇත.

විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය අතුල රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද පුහුණු පාසලේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල මාරපන මහතා ඇතුළු නිලධාරීන් නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර

Related articles

error: Content is protected !!