27.5 C
Galle

ඉන්දුනීසියාවේ භූමිකම්පාවකින් 44ක් මරුට

Published:

ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ බහිට ප්‍රදේශයේ සිදුවූ භූමිකම්පාවකින් දැනටමත් මරණ 44ක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකියැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද (21) දහවල් එරට වේලාවෙන් 1.21ට පමණ මෙම භූමිකම්පාව සිදුව තිබේ.

භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 5.6ක් ලෙස සඳහන්ව ඇති අතර භූමිකම්පාව ගොඩබිම් ප්‍රදේශයේ සිදුවීම හේතුවෙන් ගොඩනැගිලිවලට දැඩි අලාභහානි සිදුව තිබේ. වැඩිම හානියක් සිදුව ඇත්තේ සරන්ජන් හිලී ප්‍රදේශයට බවත් තුවාල කරුවන් 300කට අධික පිරිසක් මේ වනවිට රෝහල්ගතව ඇති බවත් වාර්තා වේ.

මෙම භුමිකම්පාවෙන් සුනාමි අවදානමක් ඇති වීමට හේතුවක් නැති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණායතනය පවසයි

Related articles

error: Content is protected !!