27.5 C
Galle

ර‍ාජ්‍ය පරිපාලනයත්, අධ්‍යාපන පරිපාලනයත් දකුණේ දී ගැටෙයි

Published:

දකුණු පළාත් අධ්‍යාපන කාර්යාල අතිරේක අධ්‍යක්ෂ ධූරයට පත්කර එවන ලද නිලධාරිනියකට රාජකාරී පැවරීමට විරෝධය දක්වමින් අද (21) එහි නිලධාරීන් පිරිසක් බාධා කළහ.  

පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට ආණ්ඩුකාරවරයා විසින් පත්කර එවා තිබුණේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරිනියකි. අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් පවසන්නේ පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරය අධ්‍යාපන පරිපාලන සේවයට හිමිවිය යුතු බවයි. එය තවදුරටත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තනතුරක් ලෙස පවත්වා ගැනීම වරදක් බව ද ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වුව ද මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාන ක්ෂේත්‍රයේ සිටින අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් ආණ්ඩුකාරවරයාගෙන් මීට ඉහත ඒ සඳහා ඉල්ලීමක් ද කර තිබේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් පවසන්නේ එම තනතුර ස්ථාපිත කළ දින සිට මේ දක්වාම එම ධූරයට පත්කළ යුතු වන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් බවට නියමයක් ඇති බැවින් අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් පත්කිරීම නීත්‍යානුකූළ නොවන බවයි.

අද එම තනතුර සඳහා අලුතෙන් පත්ව ආ නිලධාරිනියට රාජකාරී බාර ගැනීම බාධා කෙරුණු අතර පසුව රාජ්‍ය ‍පරිපාලන සේවයේ වෙනත් නිලධාරීන් කිහිප දෙනකු ද පැමිණ තත්වය සමථයකට පත්කිරීමට උත්සාහ ගැණිනි. අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ විරෝධතාව නොතකා එම නිලධාරිනිය අද සිය රාජකාරී බාරගත්තාය.

Related articles

error: Content is protected !!