27.3 C
Galle

කාන්තාවන් විකුණූවා යැයි අත්අඩංගුවට ගත් කාන්තාව අප මත මුදාහරී

Published:

ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේ ලිංගික සේවා සැපයීම සඳහා අළෙවි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ කාන්තාවක් රුපියල් ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (21) නි‍යෝග කළේය.

‍මෙලෙස ඇපමත මුදාහරින ලද්දේ ආශා දිසානායක නමැති දඹුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය වෙනුවෙන් අධිකරණයේ දී කරුණු දැක්වූ නීතිඥ නිරෝෂන් සිරිවර්ධන  කියා සිටියේ තම සේවාදායිකාව වසර 22ක් ඕමානයේ ආයතනයක භාෂා පරිවර්ථක ලෙස සේවය කර ඇති බවයි. ඇය කිසිම කාන්තාවක් විදෙස් සේවය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන ගොස් නැති බව ද ඔවුහු කීවේය. එම කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඇය ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

එම කාන්තාව ඕමානයේ “ඉන්ටර්ග්‍රේටට් රූරල් සාමා” නමැති සමාගමක භාෂා පරිවර්ථක ලෙස කටයතුු කළ බව ද ඇගේ නීතිඥවරයා විසින් අධිකරණයට කරුණු පෙන්වා දී තිබිණි.  

Related articles

spot_img
error: Content is protected !!