27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 16,383 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,506 වාර්තා වූ අතර කොටස් මිල 8,000 දර්ශකය ඒකක 223ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 357
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 212
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 157

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 6.6
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 4.5
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 4.3

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X)  50%
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම (X) 21%
  • ක්‍රිස් වර්ල්ඩ් සමාගම 15 %

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින් සමාගමේ කොටස් මිලියන 3.4ක් රුපියල් 32.00 බැගින්
  • ජෝන් කීල්සී සමාගම කොටස් 250,000ක් රුපියල් 139.00 බැගින්
  • කොමර්ෂල් බැංකුව කොටස් 650,000ක් රුපියල් 50.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 239
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
  • නන්ද ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 174ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 58 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 116ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සන්ෂයින් ‍හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 110
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 36
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 16

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම  රුපියල් මිලියන 30
  • රිචර්ඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 18

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!