27.9 C
Galle

ලයිසන් නැති අලි මුදාහැරීම අත් හිටුවයි

Published:

බලපත්‍ර නොමැතිව සන්තකයේ තබා ගැනීම හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අලි 05 දෙනකු එම සතුන් ළඟ තබාගෙන සිටි පුද්ගලයන්ට ම මුදාහරින ලෙස දුන් නියෝගයක් අත්හිටුවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම අලි 05 දෙනා මුදාහරින ලෙස මීට ඉහත අවස්ථාවක දී නියෝග කර තිබිණි. එම නියෝගයට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් 04ක් කැඳ වූ අවස්ථාවේ දී මේ නියෝගය නිකුත් කර තිබේ.

එම නියෝගය දින 14ක කාලයක් තෙක් බලපැවැත්වෙයි.

Related articles

spot_img
error: Content is protected !!