27.6 C
Galle

ඡන්දය කල් දැමීමේ සැලැස්මක් ?

Published:

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මස 20 වැනි දිනට පෙර පැවැත්විය යුතු වුව ද එය කල් දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සූදානම්ව සිටින බව අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එලෙස පළාත් පාලන මැතිවරණය කල් දමා සියලු පළාත් පාලන ආයතන කොමසාරිස්වරයා යට‍තට පත්කිරීමටත්, පළාත් පාලන සභිකයන් සංඛ්‍යාව අඩකින් අඩු කිරීමේ යෝජනාව සම්මත කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වීමටත් එම යෝජනාවෙන් ඉදිරිපත් කිරීමට නියමිතය.

අවසන් වරට පළාත් පාලන මැතිවරණයක් පැවැත්වූයේ 2018 වර්ෂයේ පෙබරවාරි 18 වැනි දා ය. එම මැතිවරණයේ ප්‍රතිඵල අනුව පිහිටවනු ලැබූ පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු මස 20 වැනි දිනයෙන් අවසන් විය. නමුත් එම නිල කාලය වසරකින් කල් දැමිණි. ඒ අනුව ලබන මාර්තු 20 වැනි දිනට පෙර මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් රජය පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ යෝජනාවක් ගෙන එනු ලැබුවහොත් ඊට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂයේ දේශපාලන පක්ෂ පවසයි.

Related articles

error: Content is protected !!