27.6 C
Galle

කරාපිටිය දැඩි සත්කාරයේ සිටි රොගියෙක් කොරෝනා ආසාදිතව මියයයි

Published:

උඩවළවේ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය බව ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි වියේ පසු වූ විශ්‍රාමික යුද හමුදා සාමාජිකයෙකි.

මොළයේ තිබූ ගෙඩියක් හේතුවෙන් ශල්‍යකර්මයක් කිරීම සඳහා ඔහු පසුගිය 08 වැනි දා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ශල්‍ය කර්මයෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

එසේ ප්‍රතිකාර ලමින් සිටිය දී නිව්‍මෝනියා තත්වයක් ඇති වී තිනෙ අතර පසුගිය 26 වැනි දා ඔහු මියගියේය.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී අනුරුද්ධ උහන්ඕවිට මහතාගේ නිගමනය වී ඇත්තේ කොරෝනා ආසදනයවීමෙන් ඇති වූ සංකූලතා සහිතව මේ මරණය සිදුව ඇති බවයි.

Related articles

error: Content is protected !!