27.9 C
Galle

ඒ 9ක් ගත් සිසුවාට ගිනි තැබූ සැකකරු සොයා මෙහෙයුම්

Published:

පාසල් සිසුවකුට ගිනි තබා තුවාල සිදුකිරීමට සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ‍පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙවර සාමාන්‍යපෙළ විභාගයෙන් විශිෂ්ඨ සම්මාන 09ක් හිමිකරගත් සිසුවකු ඒ බව දැනුම් දීම සඳහා අම්පිටියේ පිහිටි ඥාති නිවසකට ගොස් සෙනසුරාදා (26) රාත්‍රී තනිවම නැවත තම නිවසට එමින් සිටිය මාර්ගයේ සිටි පුද්ගලයකු එම සිසුවා සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන තිබේ. එම පුද්ගලයා විසින් සිසුවාගේ සිරුරට භූමිතෙල් වත්කර ගිනි තැබීම කර ඇතැයි පොලිසිය කියයි.

ගින්නෙන් සිසුවාගේ මුහුණට සහ හිසට පිළිස්සීම් තුවාල සිදුව ඇති අතර මේ වනවිට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයකු බව ද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!