27.6 C
Galle

කොටස් වෙළෙඳපොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 22,919ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,881 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 65ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,375ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,240
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 381
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 281

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 43
  • එක්ස්‍පෝ ලංකා සමාගම කොටස් මිලියන 06
  • ෆස්ට් කැපිටල් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්‍හෝල් සමාගම 33%
  • සීඅයිටී සමාගම 24%
  • එස්එන්බී ලීසිං සමාගම 14 %

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගමේ කොටස් 888,000ක් රුපියල් 44.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 370
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
  • නන්ද ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 178

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 85ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 84 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 01ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 29
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 16
  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 13

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම  රුපියල් මිලියන 39
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 16
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 05

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!