28.7 C
Galle

විදෙස් කතකට දිවි අහිමිවූ දුම්රිය අනතුරේ CCTV දර්ශන

Published:

ගාල්ල, උණවටුන, දළවැල්ල ප්‍රදේශයේ අද (01) උදෑසන ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් විදේශික කාන්තාවක් සහ තවත් පුද්ගලයකු මියගිය අනතුරු සිදුවූ ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන මාධ්‍යයට නිකුත් වී තිබේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ රුසියානු ජාතික කාන්තාවක් සහ ගාල්ල වක්වැල්ලේ පදිංචි 62 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරා බව පොලිසිය පවසයි.

බෙලිඅත්තේ ධාවනය වන රජරට රැජින දුම්රියේ මෙම ත්‍රී රෝද රථය ගැටී ඇත. අනතුරත් සමඟ ත්‍රී රෝද රථය ගිනිගෙන විනාශ වී ඇතැයි ද පොලිසිය කියයි.

මෙම ස්ථානයේ දුම්රිය සංඥා පද්ධතියක් සවිකර ඇතත් එය අත්හිටුවා ඇතැයි සඳහන් පුවරුවක් ද සවිකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!